Friday, May 17, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රධානත්වයෙන් මාතලේ ශාන්ත තෝමස් 150 වන සංවත්සරය සැමරීම හෙට




මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම පිරිමි පාසැල වන ශාන්ත තෝමස් විද්‍යාලය සිය 150 වන සංවත්සරය හෙට සමරනු ලබනවා.

ඒ වෙනුවෙන් සංවිධාන කළ ප්‍රධාන සැමරුම් උත්සවය ලබන ඉරිදා එම පාසැලේදී පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සිසුන් 87 දෙනෙකුගෙන් 1873 වසරේදී එම පාසැල ආරම්භ වූයේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේයි.

මේ වන විට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුන් 2,700 කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන අතර 150 කට අධික අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල සාමාජිකයින් පිරිසක් සේවයේ නිරත වනවා.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රදානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති කෞෂල්‍ය නවරත්න ඇතුලු ප්‍රමුඛ තනතුරුවල මේ වන විට සේවය කරනු ලබන නිලදාරීන් රැසක් එම පාසැලේ ආදිසිසුන් වනවා.