Friday, May 17, 2024

General line - 0115112241

වියළි කාලගුණයෙන් වික්ටෝරියා ජලාශයේ ජලය වාෂ්පවීම දෙගුණ වෙයි

කේ.එල්.සුරවීර




පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන තුනක් දෛනිකව වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලියගොඩ පවසනවා.

මේ වන විට ජලාශයේ පිරී තිබෙන වර්ග කිලෝමීටර් 11 ක වපසරියේ මිලිමීටර් 05 ක් උසට ඇති ජල ප්‍රමාණය එලෙස දෛනිකව වාෂ්ප වන බවයි ඔහු පැවසුවේ.

වික්ටෝරියා ජලාශය පිරී තිබෙන මිලිමීටර් 2 ක් පමණ උසට ඇති කොටසක් සාමාන්‍යයෙන් වාෂ්ප වනවා.

නමුත් පවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාණය දෙගුණවී ඇති බවයි වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ.