Monday, May 20, 2024

General line - 0115112241

එකම පවුලේ තිදෙනෙක් වස පානය කිරීම ගැන පරීක්ෂණ (UPDATE)




කොටහේන පොලිස් වසමේ ශාන්ත බෙනඩික් මාවතේ නිවසක තිබී අද (19) උදෑසන සොයාගත් එකම පවුලේ පියා, දියණිය සහ පුතණුවන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මොවුන් වස පානය කර බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බවට තොරතුරු වාර්තා වන බවයි.

මියගොස් ඇති පියාගේ වයස අවුරුදු 46ක්. දියණියගේ වයස අවුරුදු 12ක් වන අතර මියගිය පුත‍්‍රයා 9වෙනි වියේ පසුවනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ අද පෙරවරු 8.30ට පමණ පාසලට ගොස් පෙරවරු 10.30ට පමණ යළි නිවසට පැමිණීමේදී මොවුන් මෙලෙස වස පානය කර සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

…………………………………………………………….

කොටහේනේ නිවසකින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ

Aug 19, 2016 @ 15:16

කොටහේන වාසල පාරේ නිවසක තිබී එකම පවුලේ පියා, දියණිය සහ පුතෙකුගේ මළ සිරුරු 3ක් පොලිසිය විසින් අද (19) දහවල් සොයාගනු ලැබුවා.

කොටහේන පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී එම මළ සිරුරු සොයා ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මියගිය තිදෙනා වස පානය කර මියයන්නට ඇතැයි සැකකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.