Monday, May 20, 2024

General line - 0115112241

හෝමාගම පුස්තකාලාධිපතිට කාර්යාලයේදීම ප්‍රහාරයක්




හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරනු ලබන බණ්ඩාරනායක මහජන පුස්තකාලයේ, පුස්තකාලාධිපතිවරයා සිය කාර්යාලයේදී ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. තුවාල ලැබූ ඔහු මේ වන විට හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. හෝමාගම ප්‍රාදේශීය සභාවේ පොත් බැඳීම් අංශයේ සේවකයෙකු එලෙස පුස්තාකාලාධිපතිවරයාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නිසි ක්‍රමවේදයෙන් පරිභාහිරව පුස්තකාලයෙන් පොතක් රැගෙන යාමට තැත්කර තිබෙනවා. ඒ පිළිබඳව අනාවරණය වීමෙන් පසු අදාළ සේවකයාගෙන් කරුණු විමසීමේදී ඔහු විසින් පුස්තකාලාධිපතිවරයාට කාර්යාලය තුළදී පහරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පොත් බැඳීම් අංශයේ සේවය කරනු ලබන නිලධාරිණියක්ද එම ස්ථානයට පැමිණ පුස්තකාලාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැනවැදී ඇති බවද වාර්තා වනවා.


සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බවත් නෙත් නිවුස් කළ විමසීමකදී හෝමාගම පොලීසිය සඳහන් කළා.