Monday, May 20, 2024

General line - 0115112241

දේශගුණික විපර්යාසවලට මුහුණදෙන්න රටට සැලැස්මක් තියෙනවද ?




දේශගුණික විපර්යාස සඳහා මුහුණදීමට වෙනත් රටවලට සැලැස්මක් තිබුණද ශ්‍රී ලංකාව තුළ එවැනි ක්‍රමවේදයක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඇය කියා සිටියේ ඒ සඳහා වගකිවයුතු ආයතන නිසි කළමනාකරණයක් යටතේ කටයුතු නොකිරීම හේතුවෙන් වර්ථමානයේ රට තුළ ජලය සහ විදුලියට අදාළ ගැටළු නිර්මාණයවී ඇති බවයි.


එවැනි සැලැස්මක් ක්‍රියාත්ක කිරීමට ඇති බාධාවන් සම්බන්ධයෙන් ද   මහාචාර්ය මෙත්තිකා විතානගේ මෙහිදී කරුණු පැහැදිලි කළා.


ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති, බලශක්ති විශ්ලේෂක ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ ද එහිදී අදහස් පළ කළා.