Monday, May 20, 2024

General line - 0115112241

හදිසි බිඳවැටීමකට ලක්වුණු නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය නැවතත් ජාතික පද්ධතියට




යථා තත්ත්වයට පත් කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද යළි ජාතික පද්ධතියට එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. පසුගිය 8 වනදා එම ජනන යන්ත්‍රය හදිසි බිඳවැටීමකට ලක්වුණා. එමඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක් අහිමිවූ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.