Monday, May 20, 2024

General line - 0115112241

රැඳවියෙකුට ජංගම දුරකතනය දුන් යාපනය බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට




යාපනය බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම බන්ධනාගාරයේ උසස් නිලධාරීන් විසින් සැකකාර නිලධාරියා පොලීසියට භාරදුන් අවස්ථාවේදීයි.

සිරදඬුවම් ලබාසිටින රැඳවියෙකුට එම නිලධාරියා විසින් ජංගම දුරකතනයක් ලබාදීම හේතුවෙන් ඔහු පොලීසියට භාරදුන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

අදාළ රැඳවියාට ජංගම දුරකථනය ලබාදීම අනාවරණ වී ඇත්තේ බන්ධනාගාරය තුළ සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදීයි.