Tuesday, May 21, 2024

General line - 0115112241

බලවතුන් තිදෙනෙක් ඇමරිකාවේ දී ඓතිහාසික හමුවක




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයොල් සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා අතර ඓතිහාසික හමුවක් අමෙරිකාවේ දී සිදුවුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔවුන් තිදෙනාගේ පළමු නිල හමුව එය බවයි. එහිදී ඔවුන් ත්‍රෛපාර්ශවීය සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පියවර මාලාවක් නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම චීනය ආසියානු පැසිෆික් කලාපය වෙත සිදු කරන බලපෑම් හා උතුරු කොරියාවේ අත්තනෝමතික න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ද එහිදී දැඩි අවධානයක් යොමුව තිබුණා.

ඒ අනුව කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම, ඉන්දු-පැසිෆික් බැඳීම ශක්තිමත් කිරීම සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බවටයි නායකයින් තිදෙනා එකඟතාව පළ කර ඇත්තේ.