Tuesday, May 21, 2024

General line - 0115112241

ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා සැපයීමට සැරසෙයි




යුක්රේනයට F16 වර්ගයේ ප්‍රහාරක යානා ලබාදීමට නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි විසින් එම තීරණය පිළිගෙන ඇති බවයි.

F16 යනු අමෙරිකාවට අයත් නවීන ප්‍රහාරක ජෙට් යානා වර්ගයක්.

රුසියාව සමග යුද්ධයේදී භාවිත කිරීම සඳහා යුක්රේනය ප්‍රහාරක යානා ඉල්ලා සිටියද ඔවුනට මෙතෙක් F16 වර්ගයේ ප්‍රහාරක යානා හිමිවුණේ නැහැ.

කෙසේවෙතත් නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය පැවසුවේ එම වර්ගයේ ප්‍රහාරක යානා යුක්රේනයට ලබාදීම සඳහා අමෙරිකාව අනුමැතිය ලබා දුන් බවයි.

ඒ අනුව අදාළ ජෙට් යානා ක්‍රියා කරවීම සම්බන්ධයෙන් යුක්රේන ගුවන් හමුදාව පුහුණු කිරීමට සූදානම් බවයි නෙදර්ලන්තය පවසන්නේ.

යුක්රේනයට F16 වර්ගයේ ප්‍රහාරක යානා 19 ක් ලබා දෙන බව ඩෙන්මාර්කය පවසා තිබුණත් නෙදර්ලන්තය පවසන්නේ මිතුරු රටවල් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.