Friday, May 17, 2024

General line - 0115112241

ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව දිගු දුර මිසයිල ගිවිසුමකට එළඹෙයි




ඔස්ට්‍රේලියාව අමෙරිකාව සමග මහා පරිමාණ දිගු දුර මිසයිල ගනුදෙනුවකට එළඹ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම ගනුදෙනුව අනුව ඔස්ට්‍රේලියාව අමෙරිකාවෙන් ප්‍රභල කෲස් මිසයිල 200 ක් මිලදී ගනු ඇති බවයි.

දෙරට අතර එළඹි මිසයිල ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 830 ක්.

ඒ අනුව ඉදිරියේදී ඔස්ට්‍රේලියානු හමුදාව සතු අවි ගබඩාව ප්‍රභල සහ තාක්ෂණිකව දියුණු අවි වලින් සමන්විත වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.

ඔස්ට්‍රේලියාව මෙලෙස අමෙරිකාව සමග මහා පරිමාණ මිසයිල ගනුදෙනුවකට එළඹ සිටින්නේ ඉන්දු පැසිෆිල් කලාපය තුළ චීනයේ ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළයි.

එමෙන්ම නැගී එන චීන හමුදා බලයට එරෙහිව ඔස්ට්‍රේලියාව ද හමුදා ප්‍රතිසංස්කරණයක් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර මෙම ගනුදෙනුවට එළඹ ඇත්තේ ද ඒ අතරතුරයි.

එමෙන්ම උතුරු කොරියාවේ න්‍යශ්‍ටික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අමෙරිකානු හා ඔස්ට්‍රේලියානු නායකයින්ගේ දැඩි අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.