Tuesday, May 21, 2024

General line - 0115112241

පකිස්තානයේ බස්රථ අනතුරක් - 16 ක් මිය යයි




පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගියා.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 15 ක්. ඉස්ලාමාබාද් සිට කරච්චි බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස්රථයක් ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයක ගැටී ඇති අතර එහිදී බස්රථය සහ ට්‍රක් රථයට ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

අනතුරින් විපතට පත් බහුතරයක් කාන්තාවන් හා ළමුන් බවයි පකිස්තාන මාධ්‍ය වාර්තා කළේ.