Monday, May 20, 2024

General line - 0115112241

පළමුවෙනිදා සිට ජල බෝතල් අලෙවියට නීතියක්




එස්.එල්.එස්. සහතිකය නොමැති පානීය ජල බෝතල් ඇසිරීම, බෙදාහැරීම, ප‍්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීම සැප්තැම්බර් මස පළමු වෙනිදා සිට තහනම් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ ඊට අදාළ විධිවිධාන 2015 ජුනි මස 11 වෙනිදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රසිද්ධ කර ඇති බවයි.

එම විධිවිධාන සැප්තැම්බර් මස පළමු වෙනි දින සිට බලපැවැත්වෙන බවද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.

එදින සිට මෙම නීතිය කඩ කරන ආයතන හෝ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.