Tuesday, May 21, 2024

General line - 0115112241

ඉන්දු, චීන නායකයින් මුහුණුට මුහුණ හමුවකට සැරසෙයි




චීන ජනාධිපති ෂී ජිං පිං සහ ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි අතර මුහුණට මුහුණ හමුවක් සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එම මාධ්‍ය පැවසුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ඒ පිළිබඳ තහවුරු කර ඇති බවයි. 

දකුණු අප්‍රිකාවේ ජොහැනර්ස්බර්ග් නුවරදී අද ආරම්භ වන බි්‍රක්ස් සමුළුවට සමගාමීව ඉන්දු චීන නායකයින්ගේ හමුව සිදු වන බවයි වාර්තා වන්නේ. 

ඊට සහභාගී වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

එමෙන්ම, චීන ජනාධිපති ෂී ජිං පින් ද අද දකුණු අප්‍රිකාවට පැමිණිමට නියමිතයි. 

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව, බි්‍රක්ස් සමුළුව නියෝජනය කරන රටවල් වනවා. 

ඒ අනුව, මෙවර සමුළුව සදහා දායකත්වය දක්වන්නේ දකුණු අප්‍රිකාවයි. සමුළුව සඳහා සහභාගී වන ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා අනෙකුත් සාමාජික රටවල නායකයින් වෙත ආරාධනා කර තිබුණා. 

එහෙත් රුසියාව පැවසුවේ ආරක්ෂක හේතූන් පදනම් කර ගනිමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙවර සමුළුව සදහා සහභාගී නොවන බවයි. 

එහෙත් ඔහු වීඩියෝ තාක්ෂණය හරහා සමුළුවට සම්බන්ධ වනු ඇති.