Tuesday, May 21, 2024

General line - 0115112241

ලූනා - 25 සදට කඩා වැටීමේ පුවත ඇසීමෙන් රුසියානු විද්‍යාඥයෙකුට හෘදයාබාධයක්




සඳ මෙහයුම සදහා රුසියාව විසින් වසර 50කට පමණ පසුව කක්ෂ ගත කළ ලූනා 25 යානය ඉකුත් දා සඳේ පෘෂ්ඨය මතට කඩා වැටුණා. 

ඒ, සඳෙහි දක්ෂිණ ධ්‍රැවය සදහා පළමුව ගවේෂණ යානයක් සාර්ථකව ගොඩ බස්වන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් රුසියාව සහ ඉන්දියාව අතර දැඩි තරගකාරීත්වයක් පැවති පසුබිමක් තුළයි. 

එහෙත් රුසියාවේ බලාපොරොත්තු සුන් කරමින් යානය අනතුරට පත් වීම හේතුවෙන් රුසියානු විද්‍යාඥයින් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ලූනා 25 යානය අනතුරට පත් වූ පුවත සැල වීමත් සමඟ රුසියාවේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකුට හෘද්‍යාබාධයක් වැළදීමේ පුවතක් විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. 

එලෙස රෝගාතුරව ඇත්තේ 90 හැවිරිදි රුසියානු විද්‍යාඥයෙක්. ඔහු මේවනවිට රෝහල්ගත කර සිටින බවද සඳහන්. 

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම විද්‍යාඥයා පවසා ඇත්තේ එය විශාල ගැටලුවක් බැවින් තමන් ඒ සම්බන්ධයෙන් මහත් කම්පනයට පත් වූ බවයි.