Wednesday, May 22, 2024

General line - 0115112241

ලොව වේගවත්ම කාන්තාව අමෙරිකාවෙන්




ලොව වේගවත්ම කාන්තාව බවට පත්වීමට අමෙරිකාවේ කෙරී රිචඩ්සන් සමත් වුණා. ඒ, හංගේරියාවේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙලේදී මීටර් 100 ඉසව්ව ජය ගනිමින්. එහිදී ඇය වාර්තා කල කාලය තත්ත්පර 10යි දශම 6යි5ක්. මෙම තරගයේ විශේෂත්වය වූයේ ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට ඉතිහාස ගත වී සිටි ජැමෙයිකාවේ ශෙලී ඈන් ප්‍රෙෂර් ප්‍රයිස් දෙවන ස්ථානයට පත් කරමින් රිචඩ්සන් මෙම ඓතිහාසික ජය වාර්තා කිරීමයි. තරඟ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි ප්‍රෙෂර් ප්‍රයිස් අභිබවා යාමට රිචඩ්සන් සමත් වූණේ තරඟයේ අවසන් තත්ත්පර කිහිපයේදි වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් තරග අවසානයේ අලුතින් මීටර් 100 කිරුළු පැළඳි රිචඩ්සන් වෙත ගොස් ඇය වැළඳ ගෙන සුබ පතන්නට ද ප්‍රෙශර් ප්‍රයිස් අමතක කලේ නෑ. 
ඒ අනුව ලොව වේගවතම මිනිසා සහ කාන්තාව යන ද්විත්වයම මෙවර හිමිවූණේ අමෙරිකාවටයි. ඉකුත් දා පැවති තරඟයේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ නව ලෝක ශූරයා බවට පත්වීමට අමෙරිකාවේ නෝආ ලයිල්ස් සමත් වුණා. ඒ, ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 100 ඉසව්ව ජයගනිමින්. ඒ අනුව කලකට පසු ජැමෙයිකානු මීටර් 100 අධිපත්‍ය අභියෝගයට ලක් කරමින් අමෙරිකාව සිය නම මීටර් 100 තරඟ බිමේ රඳවන්නට සමත් වී තිබෙනවා.