Tuesday, May 21, 2024

General line - 0115112241

පකිස්තානයේ කේබල් කාරයක සිරවී සිටි සියලු දෙනා මුදා ගැනේ




පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයක අඩි 1,200 ක් පමණ උස් ස්ථානයක සිරවූ කේබල් කාරයේ සිටි සියලු දෙනා මුදා ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මඟින් ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතව මුදාගෙන ඇති බවයි. 

පැය 12 ක පමණ මෙහෙයුමකින් අනතුරුව එම පිරිස නිරුපද්‍රිතව මුදා ගැනුනු බව හමුදාව ප්‍රකාශ කළා. 

මුදා ගැනුනු පිරිස අතර ළමුන් 06 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු වුණා.

ඉන් ළමුන් දෙදෙනෙකු පළමුව මුදා ගත් අතර පවතින අයහපත් කාලගුණය හමුවේ අනෙක් පිරිස මුදා ගැනීම සඳහා දැඩි බාධා එල්ල වුණා. 

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ එම කඳුකර ස්ථානයට ලඟාවූ හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් කඹයක ආධාරයෙන් කේබල් කාරය තුළ සිටි ඉතිරි පිරිස ද ආරක්ෂිතව මුදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

අදාළ කඳුකර ප්‍රදේශයේ පිහිටි ගම්මානවල වැසියන් නගරයට පිවිසීම සඳහා මෙලෙස සුලභව කේබල් කාර් භාවිත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඊයේ එවැනි කේබල් කාරයක ආධාරක කඹයක් කැඩී ගොස් ඉන් අනතුරුව මෙම පිරිස උස් ස්ථානයක සිර වුණා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ උදෑසන පාසල් යාම සඳහා පිටත් වුනු ළමුන් පිරිසක් හා ඔවුන් සමග ගිය වැඩිහිටියන් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පෑ බවයි.