Monday, May 20, 2024

General line - 0115112241

ඇමතිවරියකගේ නම විකුණා මුදල් වංචා කළ අයෙකු මාට්ටු




විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ මූලිකත්වයෙන් ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුවිට ප‍්‍රදේශයේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

ජපානයේ රැකියාවක් ලබාදීම සඳහා රුපියල් දොළොස් ලක්ෂයක් අවශ්‍ය බවත් අත්තිකාරමක් ලෙස රුපියල් පනස් දහසක මුදලක් ලබාදෙන ලෙසත් සැකකරු අදාළ පැමිණිල්ල කළ පුද්ගලයාට ප‍්‍රකාශ කර ඇති බවයි එම කාර්යංශය පැවසුවේ.

නුගේගොඩ ප‍්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.