Wednesday, May 22, 2024

General line - 0115112241

ඉතිහාසය අළුත් කරමින් නව පියවරක් තැබීමට ඉන්දියාව සුදානම්




ඉතිහාසය අළුත් කරමින් සඳ තරණය කර නව පියවරක් තැබීමට ඉන්දියාව සුදානම් වෙනවා 

ඒ ඉන්දියාව සඳ වෙත යැවූ චන්ද්‍රයාන් 03 සඳ ගවේෂණ යානය අද සඳේ දකුණු ධ්‍රැවය වෙත ලගා වීමට නියමිත බැවින්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි එරට වේලාවෙන් අද පස්වරු 06 යි 04 ට පමණ චන්ද්‍රයාන් 03 සඳෙහි දකුණු ධ්‍රැවය වෙත ලගාවීමට නියමිතයි.

එම අවස්ථාව අතිඋත්කර්ශවත් ලෙස සැමරීමට ඉන්දියාව සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

චන්ද්‍රයාන් 03 අද පස්වරුවේ සාර්ථකව සඳ තරණය කලහොත් ඉන්දියාව ඉතිහාස ගත වන්නේ සඳෙහි දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් යොමු කල ලොව පළමු රට ලෙසයි.

මීට පෙර අමෙරිකාව සහ චීනය සඳ වෙත සාර්ථකව ගවේෂණ යානා ගොඩබස්වා තිබුණත් ලොව කිසිඳු රටක් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ලගා වී නැහැ.

මේ අතර ඉන්දියාවේ චන්ද්‍රයාන් 03 මෙහෙයුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට සුබ පැතුම් එක් කර තිබෙනවා.

එම සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසා ඇත්තේ එය ඉන්දියාවට ආඩම්බරයක් වන අතර, ශ්‍රී ලංකාව ද උප මහාද්වීපයේ කොටසක් වන බැවින් ශ්‍රී ලංකාවට ද එය ආඩම්බරයක් බවයි.