Wednesday, May 22, 2024

General line - 0115112241

ඉන්දියාව හඳ අල්ලයි




ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් සඳ ගවේශණය සඳහා සඳ වෙත යොමුකළ චන්ද්‍රයාන් - 03 යානය සාර්ථකව ගොඩබස්වා තිබෙනවා. 

ඒ එරට වේලාවෙන් අද පස්වරු 6 යි 4 ට පමණයි. ඉන්දිය මාධ්‍ය පැවසුවේ එම යානය ඉන්දියාව, සැලසුම් කළ පරිදි සඳේ දකුණු ධ්‍රැවයට සාර්ථකව ගොඩබස්වා ඇති බවයි.

ඒ අනුව සඳේ දකුණු ධ්‍රැවයට සාර්ථකව ගවේශණ යානයක් ගොඩබැස්වූ පළමු රට ලෙස ඉන්දියාව ඉතිහාසයට එක් වනවා. 

අමෙරිකාව සහ චීනය මීට පෙර සඳට සාර්ථකව ගවේශණ යානා ගොඩබස්වා ඇතත් සඳෙහි දකුණු ධ්‍රැවයට ළගාවුණේ ඉන්දියාව පමණයි. 

මෙම අවස්ථාව ඉන්දියාව මහත් උද්යෝගයෙන් සමරනු ලැබුවා. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් එම අවස්ථාව සජීවීව නරඹමින් චන්ද්‍රයාන් - 03 යානය සඳට ගොඩබස්වනවාත් සමඟ ප්‍රීති ඝෝෂා නගන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

මේ අතර දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවී සිටින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහි සිට සජීවීව වීඩියෝ තාක්ෂණය හරහා එම අවස්ථාවට එක් වුණා. 

අත්පොලසන් දෙමින් ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සියලු විද්‍යාඥයින්ට සුබපැතූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙය පෙර නොවීවිරූ සිදුවීමක් බවයි. 

ඉන්දියාව සමඟ තරඟකාරීව සඳ ගමනට එක්වූ රුසියාවට ඉකුත්දා එම මෙහෙයුමෙන් පසුබැසීමට සිදුවුණා. 

ඒ, රුසියාව සඳෙහි දකුණු ධ්‍රැවය සදඟා යොමුකළ “ලූනා - 25” යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටීමත් සමඟයි.