Tuesday, May 14, 2024

General line - 0115112241

වැග්නර් නායකයා මියගිය බව රුසියාව නිල වශයෙන් තහවුරු කරයි




රුසියාවේ වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගිය බව රුසියාව අද නිල වශයෙන් තහවුරු කළා. 

ඒ, වැග්නර් නායකයා ගමන් කළ පෞද්ගලික ගුවන් යානය මොස්කව් නුවරදී අනතුරට පත්වී දින 04 කින් අනතුරුවයි.

 අනතුරට පත් ගුවන් යානය තුළ පුද්ගලයින් 10 දෙනෙකු සිටි බවත් ඔවුන් වැග්නර් හමුදාවේ සාමාජිකයින් බවත්, මගී ලැයිස්තුවේ වැග්නර්නායකයාගේ නම ඇති බව පමණක් රුසියාව මීට පෙර තහවුරු කළා. 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද සිය හිටපු සමීපතමයා සම්බන්ධයෙන් ශෝකය පළ කළ නමුත් ප්‍රිගොෂින් මිය ගොස් ඇති බව ඔහු කිසිඳු අවස්ථාවක පවසා තිබුණේ නැහැ. 

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ අදාළ ගුවන් අනතුරින් යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගිය බව රුසියානු බලධාරීන්තහවුරු කර ඇති බවයි. 

අනතුරට පත් පුද්ගලයින් දස දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ ජාන විශ්ලේෂණයේදී වැග්නර් නායකයා ද ගුවන් අනතුරින් මියගොස් ඇති බව තහවුරු වූ බවයි ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ විශේෂ කමිටුව තහවුරු කර ඇත්තේ. 

මියගිය පිරිස අතර වැග්නර් හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුම සිටින  බවද රුසියාව තහවුරු කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් යෙව්ගනි ප්‍රිගොෂින්ගේ මරණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි රුසියාව පවසන්නේ.