Wednesday, April 24, 2024

General line - 0115112241

ඉල්ලා අස්වෙන්න හදන නවීන්ට ජනපතිගෙන් කැඳවීමක්!




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකට සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම කැඳවීම කර ඇත්තේ ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය සතු අමෙරිකානු ඩොලර් මිලියන 60ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමට සූදානමක් ඇතැයි ද එසේ කළහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවටද නවීන් දිසානායක ඊයේ කළ ප‍්‍රකාශයකින් පසුවයි.

ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය සතු මුදල් මහා භාණ්ඩාගාරයට පවරා ගැනීම මීට පෙර කිසි දිනෙක සිදු නොවූවක් බවද අමාත්‍යවරයා කියා සිටියා.

ජනාධිපතිවරයා සහ නවීන් දිසානායක අමාත්‍යවරයා අතර සාකච්ඡාව ලබන සඳුදා සිදුකෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා.