Thursday, April 25, 2024

General line - 0115112241

හෙද උපාධියත් පෞද්ගලීකරණයට?




හෙද උපාධිය පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පිළිබඳව සමස්ත ලංකා හෙද සංගමය හෙළිදරව් කරනවා.

ඊට අදාළ ගිවිසුමකට රජය මේ වන විට එළඹ ඇති බවත්, ගිවිසුමේ නිශ්චිත තොරතුරු පවා මේ වන තෙක් අනාවරණය කර නොමැති බවත් එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා පවසනවා.

රජයේ විශ්වවිද්‍යාල හරහා හෙද උපාධි ලබාදීම වෙනුවට එය පෞද්ගලිකරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවයි ගාමිණී කුමාරසිංහ මහතා පවසා සිටියේ.