Tuesday, May 21, 2024

General line - 0115112241

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීයාට ලබා දිමට තිබූ සේවා දිගුව අවලංගුවෙයි




යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සංජය වනසිංහට ලබා දිමට තිබූ සේවා දිගුව ජනාධිපතිවරයා විසින් අවලංගු කර ඇති බවට වාර්තා වනවා.

ආරක්ෂක අමාත්‍යංශය විසින් ඔහුට ලබා දිමට නියමිතව තිබූ සේවා දිගුවට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ නිසි ක්‍රමවේදයකින් තොරව බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.  

සාමාන්‍යයෙන් එලෙස සේවා දිගුවක් ලබා දීමට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත යවනු ලබන්නේ වෙන් වෙන් වශයෙන්.

එහෙත් ආරක්ෂක අමාත්‍යංශය විසින් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සංජය වනසිංහට සේවා දිගුවක් ලබා දීමට අදාළ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත්තේ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේද නම් සඳහන් කරමින්.

අදාළ ලේඛනයේ යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානීයාගේ නම සඳහන් කර ඇත්තේ දෙවන ස්ථානයටයි.

කෙසේවෙතත් යුධ හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සඳහා සේවා දිගුවක් ලබා දීමට පසුගිය කාලයේ කටයුතු කර තිබුණා.

ඒ අතරට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු යුද හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් අයත්.

රජයේ හෝ ජනාධිපතිවරයා සිතා මතා අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින් එලෙස නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අදාළ ලේඛන නිකුත් කර ඇති බවටයි යුද හමුදා ආරංචි මාර්ග පැවසුවේ.