Friday, March 29, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වය හෙට..විද්වතුන්ගෙන් මාපියන් හට විශේෂ ඔවදනක්!




දරුවන්ට දරාගත නොහැකි දේ ඔවුන් මත බලෙන් පැටවීමට උත්සහ නොකරන්නැයි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනී සිටින දරු දැරියන්ගේ මව්පියන්ගෙන් විද්වතුන් ඉල්ලීමක් කරනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර කියා සිටියේ ලිඛිත විභාගයක් යනු දරුවෙක්ගේ හැකියාවන් පිළිබඳ ඉතා නිවැරදි මිම්මක් නොවන බවයි.

සාර්ථක පුරවැසියෙකු බිහි කිරීම සඳහා දරුවන් තුළ දැනුම මෙන්ම කුසලතා සහ ආකල්ප ද සංවර්ධනය කළ යුතු බව ද කථිකාචාර්ය චින්තක චන්ද්‍ර කුමාර පෙන්වා දුන්නා. එමගින් මෙතෙක් අත් නොවිඳි සමාජ තත්ත්වයන්ට නොබියව මුහුණදීමට දරුවන් හැඩගැස්විය යුතු බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට හෙට පෙනී සිටින දරු දැරියන් අද දිනයේදී විෂය කරුණුවලින් තව තවත් විඩාපත් නොකරන්නැයි ප‍්‍රවීණ ආචාර්ය සරත් ආනන්ද මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

විභාගයට පිටත් වන විට දරු දැරියන්ට අලූත් දෑ කිසිවක් ලබා නොදෙන ලෙසද ඔහු පවසා සිටියා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන ගණන 2959ක්.