එදා මෙදා තුර මෙරට කළා ක්ෂෙත්රයට බිහිවු අසාහය මිනිසුන් අතර සදා නොමැකෙන මහා චරිතයක් වු ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී අද සදහටම දැයෙන් සමුගෙන ගියා.
ඒ, රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුළු දේවස්ථානයේදීයි. මේ අසාහය මිනිසාගේ නිසල දේහය අද මිහිදන් කෙරුණේ ඔහුගේ මව සහ පියා මෙන්ම සහෝදරයාද මිහිදන් කල ස්ථානයේමයි.
කළා මාධ්‍ය රැසක සිය වපසරිය අද්විතීය ලෙස දසත පැතිරවු මෙම අපුරු මිනිසාගේ නිසල දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරුව තෙක් ඔහු ජීවත්වූ කඩවත, රාගම පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබුණා.
දහස් සංඛ්‍යාත පිරිසගේ අවසන් ගෞරවය ලැබු මේ අසාහය රංගධරයාට සිය අවසන් ගෞරවය දැක්වීමට කළාකරුවන්ද එක්ව සිටියා.
අපුරු සෞන්දර්යවාදියෙකු වු ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ආරම්භ වුයේ දේහය තැන්පත් කර තිබු නිවසේදියි. ඒ, බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින්.
පසුව මේ විශිෂ්ඨ මිනිසාගේ නිසල දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුළු දේවස්ථානය වෙත ගමන් ආරම්භ කලේ ඉන් පසුවයි. අවමංගල්‍ය පෙරහැර දැක ගැනීම සඳහා ද විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටියා.
අවසන් කටයුතු සිදු කල රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුළු දේවස්ථානයට ද විශාල පිරිසක් එක්ව සිටියේ මේ යුග පුර්ෂයාට සිය ගෞරවය දැක්වීමටයි.
ආගමික කටයුතු සිදු කිරිමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වුණා. මේ, එහි අදහස් දැක්වු ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක.
දුෂ්කර අවස්ථාවේ සහය දුන් සියලුදෙනාට ස්තුති කරමින් ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත ඇන්තනි මෙලෙස සභාව ඇමතුවා
රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම් මැද සකල කළා සක්විති ජැක්සන් ඇන්තනීගේ දේහය මිහිදන් කෙරුණා.
ඒ අවස්ථාවේ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුළු දේවස්ථාන අතුරු සිදුරු නැතිව සුදු වතින් සැරසුණ ජනතාවගෙන් පිරි ඉතිරි ගොස් තිබුනේ මේ මහා මිනිසා මේ රටට දායාද කල සියලු දේට පෙරළා ගෞරව පිරිනැමීමේ අරමුණින්.
ජැක්සන් ඇන්තනීගේ දේහය මිහිදන් කල ස්ථානයේ විශාල පුවරුවක ඔහු කල සේවය මෙලෙස සටහන් කර තිබුණා.