ගාසා තීරයේ පවතින යුධමය වාතාවරණය හමුවේ ඊශ්රායලයේ සාත්තු සේවාව සඳහා ඇතැම් රටවලින් පැමිණ සිටින සාත්තු සේවිකාවන් යළි සිය රට බලා යාමට ඉල්ලිම් කර තිබුණත් සාත්තු සේවය සඳහා ශ්රී ලංකාවෙන් ගොස් සිටින සාත්තු සේවිකාවන් එවැනි ඉල්ලිම් නොකරන බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
නෙත් නිවුස් කළ විමසිමකදී ඔහු පැවසුවේ පවතින යුධමය වාතාවරණය හමුවේ වුවද ශ්රී ලාංකික සාත්තු සේවිකාවන්ගේ සේවය සම්බන්ධයෙන් ඊශ්රායලයෙන්ද පැසසුම් හිමිවන බවයි.
පවතින යුධමය වාතාවරණය හමුවේ වුවද ඊශ්රායලය තුළ සේවය කරන ශ්රී ලාංකික සාත්තු සේවිකාවන් තම රාජකාරිය නිසි ආකාරයෙන් සිදු කරමින් සිටින බවයි ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ.
රැකියා සඳහා ඊශ්රායලයට ගොස් සිටින ශ්රී ලාංකික කාන්තාවන්ගෙන් සියයට 90ක් පමණ සාත්තු සේවයේ නියැලෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.