Tuesday, May 14, 2024

General line - 0115112241

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරයි




ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය සිය භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු කාන්තාවන් දෙදෙනෙකු එලෙස මුදා හැර ඇති බවයි. ඔවුන් දෙදෙනා මවක සහ දියණියක බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.


ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත්වීම මත ඔවුන් ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායල හමුදා කඳවුරක් වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද දුරකථනය හරහා ඔවුන් දෙදෙනා අමතා නිදහස් වීම සම්බන්ධයෙන් සිය සතුට පල කර තිබෙනවා.

ඉකුත් ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශයේ ගාසා දේශසීමාව ආසන්න ප්‍රදේශයට කඩා වැදී ප්‍රහාරයක් එල්ල කළා.


ඉන් අනතුරුවයි එම සටන්කාමීන් ගාසා තීරය වෙත ප්‍රාණ ඇපකරුවන් රැගෙන ගොස් තිබුණේ. එලෙස රැගෙන ගොස් ඇති ප්‍රාණ ඇපකරුවන් පිරිස 200 ක් පමණ වන බව පැවසෙනවා.

ඔවුන් අතරින් බහුතරයක් තවමත් නිරුපද්‍රිතව සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.