Saturday, November 30, 2024

General line - 0115112241

වැඩි වූ විදුලි බිල ආණ්ඩුව යළි අඩු කරයිද?




විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය ගත් පියවර සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා.

විදුලිබිල වැඩිකිරීම සහ ඒ ඔස්සේ ජනතාව පත්ව සිටින අපහසුතාව මෙන්ම ජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් එල්ල වන විරෝධය සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එහිදී කරුණු පෙන්වා දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

පවතින තත්ත්වය හමුවේ විදුලිබල සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදිය යුතු බවට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබුණත් ඒ සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළඹ නොමැති බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

කෙසේවෙතත් එම අවස්ථාවේදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ විහාරස්ථානවල කඨින පිංකම් ආරම්භ වීමට නියමිත බැවින් මෙම අවස්ථාවේදී විහාරස්ථාන සඳහා හෝ විදුලිබිල සඳහා සහනයක් ලබාදිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමග තවදුරටත්  සාකච්ඡා කළ යුතුව ඇති බව ද එම අමාත්‍යවරුන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවසා තිබෙනවා.

ඉන් අනතුරුව විදුලිබිල සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණිය යුතු බවට ද එම අමාත්‍යවරුන් යෝජනා කර ඇතැයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා. 

මේ අතර ආගමික සිද්ධස්ථානවල විදුලිබිල ද මහජනතාවට දැරීමට සිදුව ඇති අවස්ථා ඇති බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. 

එබැවින් ආගමික සිද්ධස්ථානවල විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලධාරින් යළි සලකා බැලිය යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. 


කෙසේවෙතත් විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කළේ කුමන ආකාරයෙන් ද යන්න සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස පැහැදිළි කළා.