Wednesday, May 15, 2024

General line - 0115112241

අමෙරිකාවේ පෝට්ලන්ඩ් වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිය යයි




පුද්ගලයින් 18 දෙනෙකුට මරු කැඳවමින් අමෙරිකාවේ පෝට්ලන්ඩ් හි මේන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ වෙඩි වැදී තිබූ  සැකකරුගේ මළ සිරුර මෝටාර් රථයක් තුළ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි.

මේන් ප්‍රදේශයේ අවන්හලක් සහ විනෝද උද්‍යානයක සැකකරු විසින් එම වෙඩි තැබීම් සිදු කර තිබුණේ ඉකුත් බදාදා රාත්‍රියේදීයි. ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම සඳහා දින 02 ක් පුරා පොලිස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබුණා.

සැකකරු එල්ල කල වෙඩි ප්‍රහාර හමුවේ මිය ගිය පිරිස අතර වයස අවුරුදු 14 සිට 70 දක්වා වයස් කාණ්ඩවල පුද්ගලයින් වනවා.