Tuesday, May 14, 2024

General line - 0115112241

ගාසා ගැටුම් මැද ඉරානය යුධ අභ්‍යාසයක් අරඹයි




ඉරානය දෙදින යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට ඉස්ෆහන් ප්‍රදේශයේදී එම යුධ අභ්‍යාසය පැවැත්වෙන බවයි.

ගාසා යුද්ධය පදනම් කර ගනිමින් මැදපෙරදිග කළාපය තුළ අර්බුධයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක ඉරානය මෙලෙස යුධ අභ්‍යාසයක නිරත වීම මතභේදාත්මක තත්වයක් බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ. 

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉරානය පූර්ව සැලසුමක් පරිදි මෙම යුධ අභ්‍යාසය ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා ඉරානයේ පාබල සහ ගුවන් හමුදාව එක්ව සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඉරාන ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා 200ක් මෙන්ම මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යානාද මෙම යුධ අභ්‍යාසය සඳහා  එක්කර ඇතැයි සඳහන්.

ඉරාන හමුදාවේ අණ දෙන නිළධාරියෙකු වන අමීර් චෙෂාක් පවසා ඇත්තේ සිය රටට එල්ල වන තර්ජන සඳහා මුහුණ දීමේ හැකියාව සහ ඉරානයේ ප්‍රතිචාරය ලොවට පෙන්වීමට මෙම යුධ අභ්‍යාසය සිදුකරන බවයි.

ගාසා යුද්ධය පදනම් කර ගනිමින් ඊශ්‍රායලය සහ ඊශ්‍රායලයට පක්ශපාතී රටවල් මෙන්ම ඉරානය අතර මේ වන විට උද්ගත වි ඇත්තේ මතභේදාත්මක තත්වයක්.

එම මතභේදාත්මක තත්වයට ඉරානයේ දීර්ඝ කාලීන ප්‍රතිවිරුද්ධ මතධාරීයෙකු වන අමෙරිකාව ද මැදිව සිටිනවා. 

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගාසා යුද්ධයේදී හමාස් සංවිධානයට සහ හිස්බුල්ලා සංවිධානයට ඉරානය සහය පළ කිරීමයි.