Wednesday, April 24, 2024

General line - 0115112241

කිරිඇල්ලට අග්නිදිග විශ්ව විද්‍යාලයේදී විරෝධයක් (PHOTOS)




උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට විරෝධය දක්වමින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (20) උදෑසන සිට පස්වරුව දක්වාම විරෝධතාවක නිරත වුණා.

ඒ, එම විශ්ව විද්‍යාලය ඉදිකර තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරයක් විවෘත කිරීමට අමාත්‍යවරයා පැමිණීමට නියමිතව තිබීම හේතුවෙන්.

කෙසේවෙතත් පස්වරුව දක්වාම අමාත්‍යවරයා විශ්ව විද්‍යාලය වෙත නොපැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පැවසුවේ.

Image00001protest Image00002protest Image00003protest Image00004protest Image00005protest Image00006protest