Tuesday, May 14, 2024

General line - 0115112241

ගාසා යුද්ධය නිසා ලෝකයට සිය රට අමතක වීම ගැන යුක්‍රේනය දුක්වෙයි




ඊශ්‍රායල, ගාසා යුද්ධය යුක්‍රේනය පිළිබඳ ලෝකයට තිබූ අවධනය ඉවතට රැගෙන ගොස් ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමිර් ස්ලෙනෙස්කි පවසනවා.

ඒ රුසියාවේ එක් ඉලක්කයක්ව තිබූ බවයි ඔහු පවසා ඇත්තේ. සංචාරයක් සඳහා යුක්‍රේනයේ කිව් අගනුවරට පැමිණ සිටින යුරෝපානු කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලීන් හමුවූ අවස්ථාවේදී යුක්‍රේන ජනාධිපතිවරයා මෙම චෝදනාව එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවා.

රුසියාවට අවශ්‍ය වි තිබුණේද යුක්‍රේනය වෙත තිබූ අවධානය දුර්වල කිරීම බවද පැවසු යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කළේ සියල්ල ඔවුන්ගේ බලය යටතේ පවතින බවයි. 


රුසියාව සිය ගුවන් කලාපය පාලනය කරමින් සිටින බවත් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා යුක්‍රේනයට හැකි ඉක්මනින් අමෙරිකාවේ නිශ්පාදිත එෆ් සික්ස්ටින් වර්ගයේ යුද ගුවන් යානා අවශ්‍ය බවයි යුක්‍රේන ජනාකධිපතිවරයා පවසා ඇත්තේ. ඊට අමතරව ගුවන් යානා නාශක අවි අවශ්‍ය බවද ඔහු පවසා තිබෙනවා. 


රුසියාව සමඟ සාකච්චා මාර්ගයකට එළඹීම සඳහා යොමු වන ලෙස තමන්ට පිඩනයක් එල්ල වෙමින් ඇතැයි පළ වන වාර්තාද යුක්‍රේන ජනාධිපති ව්ලොදිමිර් ස්ලෙනෙස්කි එහිදී ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

යුරෝපා සංගමයේ හෝ අමෙරිකාවේ නායකයින් මෙන්ම සිය හිත මිතුරු රටවලින්ද මෙතෙක් තමන්ට එවැනි පීඩනයක් එල්ල වී නොමැති බවයි ඔහු පැවසුවේ. එවැන්නක් කිසිදා සිදු නොවනු ඇති බවද ඔහු පවසා තිබෙනවා.