Tuesday, May 14, 2024

General line - 0115112241

රෆා දේශසීමාවෙන් ගාසා වැසියන් ඉවත් කිරීම අත්හිටුවයි.




ගැටුම් පවතින ගාසා තීරයේ සිටින පලස්තීන වැසියන් සහ විදෙස් ගමන් බලපත්‍රහිමි විදේශිකයින් ඊජිප්තුවේ රෆා දේශ සීමාව හරහා ඉවත් කිරීමේ කටයුතු අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉකුත් සෙනසුරාදා සිට එම කටයුතු සඳහා බාධා එල්ලවී ඇති බවයි.

ගාසා තීරයේදී ගිලන් රථයකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ලවීම හමුවේ දේශ සීමාව හරහා ජනතාව ඉවත් කිරීම අත්හිටුවා ඇති බවයි ඊජිප්තු ආරක්ෂක අංශ උපුටා දක්වමින්  විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රෝගීන් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් එලෙස ප්‍රහාරයට ලක්ව තිබුණා.