Tuesday, May 14, 2024

General line - 0115112241

ගාසා තීිරය දරුවන්ගේ සුසානයක් - එක්සත් ජාතීන් කියයි




ගාසා තීරය දරුවන්ගේ සුසානයක් බවට පත් වෙමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර එල්ල කරන ගුවන් ප්‍රහාර තීව්‍ර කර ඇති පසුබිමක් තුළයි.

ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම අත්‍යාවශ්‍ය බවත් , ගත වන සෑම පැයකදීම එහි අවශ්‍යතාවය ඉහළ නැංවෙන බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.  

මේ අතර, ඊයේ දිනයේ පමණක් ඊශ්‍රායලය විසින් ගාසාතීරයේ හමාස් ඉලක්ක 450කට ප්‍රහාර එල්ල කර තිබුණා. එවන් පසුබිමක් තුළ හමාස් පාලන බලයේ පවතින ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10,022 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අතරින් 4,104 දෙනෙකුම දරුවන් වනවා.