Wednesday, May 15, 2024

General line - 0115112241

ජිහාඩ් සාමාජිකයින් බවට සැකපිට පකිස්තානුවන් පිරිසක් ස්පාඤ්ඤයේදී අල්ලයි




ස්පාඤ්ඤ පොලිසිය විසින් එරට නගර කිහිපයකදී සිදු කල සෝදිසි කිරීම්වලින් පකිස්තාන ජිහාඩ්වාදීන් බවට සැක කෙරෙන 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජිහාඩ් අන්තවාදී ජාලයක් රට තුළ ක්‍රියාත්මක බවට ලද තොරතුරු අනුව ස්පාඤ්ඤ ආරක්ෂක බලධාරීන් විසින් එම වැටලීම් සිදු කර තිබුණා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා පාකිස්තාන සම්භවයක් ඇති පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් පිරිසෙන් හත් දෙනෙක් බාසිලෝනාහිදීත්, එක් අයෙක් ලෙයිඩාහිදීත්, තවත් අයෙක් මලගාහිදීත්,  ගිපුස්කෝවාහි දෙදෙනෙකුත්, වැලෙන්සියාහි දෙදෙනෙක් සහ ලොග්‍රෝනෝහි එක් අයෙක් වනවා.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ජිහාඩ් අන්තවාදී කණ්ඩායම් සඳහා බඳවා ගැනීම් සම්බන්ධයෙන් ජිහාඩ්වාදීන් යැයි සැක කරන සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.