Saturday, July 27, 2024

General line - 0115112241

ක්‍රිකට් තහනම් කරන්නැයි ක්‍රිකට් ආයතනය අයි සී සී යට යොමු කළ ලිපිය ඇමති මාධ්‍යට හෙළි කරයි




මෙරට ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අද මාධ්‍ය හමුවට ඉදිරිපත් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා නැවත තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා , මෙලෙස අදහස් පළ කළා.

ඔහු එම අදහස් පළ කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


ඕනෑම සංගමයකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපි යොමු කිරීමේ බලය තිබුණ ද, ඒ සඳහා විධායක කමිටුවේ අවසරය අවශ්‍ය බවයි අමාත්‍ය රොෂාන්  රණසිංහ පැවසුවේ.


ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින අර්බුධයේදී ජනාධිපතිවරයා සමග ගැටළුවක් පවතින්නේ දැයි මාධ්‍යවේදීන් එහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් විමසීමක් කළා. 

 

ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින ගැටළුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මාධ්‍ය හමු අදහස් පළ කළා.