Monday, December 9, 2024

General line - 0115112241

බදු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතු බවට ආණ්ඩුවෙන් යෝජනාවක්




සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙන්ම රේගු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව  රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

අයවැය දෙවන වර කියැවිමේ විවාදයට එක් වෙමින් ඔහු පැවසුවේ අදාළ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් රටට ලැබිය යුතු විශාල ආදායමක් නොලැබී යන බවයි. 


රාජ්‍ය යාන්ත්‍රණය මඟින්ද රටට විශාල ආදායමක් අහිමි කරන බවයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩිදුරටත් පැවසුවේ.