Saturday, December 2, 2023

General line - 0115112241

සජිත්ගේ ප්‍රකාශයකින් මැතිසබය උණුසුම්




අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වී සුළු  වේලාවකින් අනතුරුව සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සභාව හමුවේ සිදු කළ ප්‍රකාශයකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟයි.

ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් පිරිසකට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා ප්‍රකාශයට පත් කළ තින්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා එහිදී අදහස් පළ කළා.  

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව රජය කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජයේ පැහැදිලි මතය දැන ගැනිම සඳහා විපක්ෂනායක වරයා විසින් එහිදී ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම අවස්ථාවේදී විපක්ෂනායකවරයා ආසන්නයට පැමිණ ඔහුගේ කතාවට විරෝධය පළ කළා.


එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශයට එල්ල වූයේ මෙවන් විරෝධයක්.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී යළිත් අදහස් ප්‍රකාශ කළ අතර  පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම්ද ඊට මැදිහත් වුණා.


අනතුරුව සභාවේ ඇති වූයේ මෙවන් නොසන්සුන් තත්ත්වයක්.


පැවති නොසන්සුන් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව විනාඩි 05ක කාලයකට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළා.