Saturday, July 27, 2024

General line - 0115112241

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි




5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (21) පැවැත්වෙනවා. උදෑසන 9.30 ට විභාගය ආරම්භ කෙරෙන අතර ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පැවසුවේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2959 කදී කාර්ය මණ්ඩලයේ 28000 ක් පමණ මේ සඳහා සේවය ලබා දෙන බවත් සඳහන් කළා. විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ පනස්දහස් හත්සිය එකක් මුහුණ දෙන බවත් පැවසුවා.

විභාග අපේක්‍ෂකයන් පිළිතුරු ලිවීමේදී කාලය පිළිබද අවධානය යොමු කිරීම වැදගත් වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ ආශිර්වාද පළ කළා. එම දරුවන් සියලු දෙනාට ජයග්‍රාහි අනාගතයක් උරුම වේවා යැයි එහිදී සඳහන් කෙරුණා.

කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී පියතුමන්ද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුදැරියන් වෙනුවෙන් ආශිර්වාද පළ කළා. විභාගය සඳහා හොඳින් මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ශක්තිය සියලු දරුවන් තුළ ඇති වේවා යැයි ද එහිදී ප්‍රාර්ථනා කෙරුණා.

විභාගයට මුහුණ දෙන දුවා දරුවන් වෙනුවෙන් බාබුෂර්මා කුරුක්කල්තුමන් ආශිර්වා පළ කරමින් සඳහන් කළේ දේව ආශිර්වාදය සැම විටම මෙම දරුවන් සමග රැඳේවායි යනුවෙනි.

තිහාරියා මුස්ලිම් දේවස්ථානයේ මුනීර් මුලස්සර් මවුලවිතුමන් අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් ආශිර්වාද සිදු කරමින් සඳහන් කළේ සියලු දරුවන්ගේ අභිලාශයන් සහ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා යනුවෙනි.