Sunday, September 22, 2024

General line - 0115112241

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සමග විශේෂ සාකච්ඡාවක් 




වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් විවිධ කේෂ්ත්‍රවල වෘත්තීයවේදීන් මුහුණ පෑමට ලක්ව තිබෙන ගැටලු පිළිබඳවත්, ඒ හේතුවෙන් රටට ඇතිවන අහිතකර ඵලවිපාක පිළිබඳවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය අංශ කඩා වැටීමේ අවදානමක් පවතින බවටත්, තිරසර සාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවටත් අවධාරණය කර තිබෙනවා.

එහිදී  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමයේදී ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිවල තිබූ වැදගත්කම පිළිබඳවත්, ඒවා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කළ යෝජනා බවත් එහිදී වෘත්තීයවේදීන් හිටපු ජනාධිපතිතුමා හමුවේ සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර් යවරුන්ගේ සංගමය, වරාය අධිකාරියේ වෘත්තීයවේදී සංවිධානය ඇතුළු සංවිධාන 47කින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය සමන්විත වන අතර ඔවුන් සැකසූ විශේෂ වාර් තාවක්ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා තිබෙනවා.