සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය අනවශ්‍ය සහ සාධාරණව සිදුකර නොමැති බව මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 77 ක් පවසා ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිදුකරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණ වු බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේ.
සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය අත්‍යවශ්‍ය සහ සාධාරණ බව පවසා ඇත්තේ මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 10 ක ප්‍රතිශතයක් පමණක් බවත් එම ආයතනය සඳහන් කළා.
තවත් සියයට 23 ක ප්‍රතිශතයක් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොතිබුණු හෝ කිසිත් නොදන්නා පිරිසට අයත්වූ බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ.
ඉහත සමීක්ෂණය සඳහා දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන මෙරට වැඩිහිටි පුරවැසියන් 1,029 දෙනෙකු සහභාගී කරගත් බවයි වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.