Saturday, November 30, 2024

General line - 0115112241

ලොකු ළුෑණු මිල ඉහළ යාමට හේතුව ගොවි සංගම් හෙළි කරයි




ලොකු ළුෑණු මිල ගණන් අසීමිතව ඉහළ යාම සහ එම ළුෑණු ආනයනය කිරීමට සිදුව ඇත්තේ මෙරට ලොකු ළුෑණු වගාව බහුලව සිදුකරන ප්‍රදේශවල ගොවීන් එම වගාව අතහැර දැමීම බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ හෙක්ටයාර 5,000 ක පමණ සිදුකරන ලොකු ළුෑණු වගාව පසුගිය කන්නයේදී හෙක්ටයාර 35 ක් දක්වා අඩුවී ඇති බවයි. 


එවන් පසුබිමක් තුළ ලොකු ළුෑණු ආනයනය කිරීමට හේතු සම්බන්ධයෙන්ද  සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මෙලෙස පැහැදිලි කළා.


වෙළඳපොලේ ඊයේ දිනයේ ලොකු ළුෑණු කිලෝවක මිල රුපියල් 650 ඉක්මවා තිබුණා.