Monday, May 20, 2024

General line - 0115112241

ජපානයට බලපෑ භූ කම්පනයෙන් පසු කොරියාවට සහ රුසියාවටත් සුනාමි අනතුරු ඇගවීම්




ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් රුසියාවේ සහ දකුණු කොරියාවේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

රික්ටර් මාපාංක ඒකක 7.6ක් පමණ ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවීමෙන් අනතුරුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට සුනාමි තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඉෂිකාවා නගරය සහ අවට ප්‍රදේශවලට පළමු සුනාමි රළ පහර කඩා වැදී ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.

එම සුනාමි රළේ උස මීටර් එකයි දශම 2 ක් පමණ වූ බවද එම වාර්තාවල දැක්වුණා.

ජපාන බලධාරින් පැවසුවේ ඉන් පසු ඇතැම් ස්ථානවලට මීටර් 5 ක් එනම් අඩි 16 ක පමණ උස සුනාමි රළ කඩා වැදී ඇති බවයි. 

සිදුවූ එම භූ කම්පනයෙන් පසු ජපාන බලධාරීන් ඉෂිකාවා, නිගටා සහ ටොයාමා ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

ඉන්පසු වෙරළබඩ ප්‍රදේශවල සිටි ජනතාව ඉවත් කිරීමටද ජපාන බලධාරීන් පියවර ගෙන තිබුණා.