Monday, May 20, 2024

General line - 0115112241

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව වසරේදී යුධ අභ්‍යාසයක.




ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ නව වසර ආරම්භයේ ක්‍රියාත්මක මෙම යුධ අභ්‍යාසය ජනවාරි 02 වනදා සිට 15 වනදා දක්වා රාජ‍ස්ථාන්හිදී පැවැත්වෙන බවයි.

එය නම් කර ඇත්තේ "Desert Cyclone 2024"
ලෙසයි.

දෙරටේ සහයෝගීතාව වර්ධනය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම එහි අරමුණයි.

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අත්‍ර වසර ගණනාවක් පුරා පවතින ශක්තිමත් මිත්‍රත්වයේ ප්‍රථිපලයක් ලෙස එම අභ්‍යාසය සිදු කරන බව ද ඉන්දීය හමුදාව ප්‍රකාශ කළා.