Monday, May 20, 2024

General line - 0115112241

පිටි මිල ඉහළ යාමට එරෙහිව පකිස්තානයේ විරෝධතා.




තිරිඟු පිටි මිල ඉහල යාම හමුවේ පකිස්තාන වැසියන් නව වසර උදාවත් සමග දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අඩු ආදායම්ලාභී පවුල් ඉන් බරපතල අර්බුධයකට මුහුණ පා සිටින බවයි.

මෙම තත්ත්වයට විරෝධය පා පකිස්තානයට අයත් කාශ්මීර කලාපයේ Gilgit-Baltistan කලාපයේ විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා.

ඒ එම කලාපයේ ප්‍රභල දේශපාලන කණ්ඩායමක් වන අවාමි ක්‍රියාකාරී කමිටුව විසින්.

තිරිඟු පිටි මිල ඉහල දැමීම රජයේ කුරිරු තීරණයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පකිස්තාන රජයේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කරන බව ද ඔවුන් පවසනවා.