Monday, May 20, 2024

General line - 0115112241

ජපන් ගුවන් යානයක් ගිනි ගනී - කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 379 දෙනාගේ  දිවි බේරා ගනී




ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ටෝකියෝහි හනෙඩා ගුවන් තොටුපලේ ධාවන පථයකට ගොඩ බස්වද්දී ගිනි ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ගුවන් යානයේ සිටි මගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 379 දෙනෙකු ඉන් ඉවත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානයේ කවුලු වලින් සහ ඊට යටින් ගිනිදැල් පිටවී ඇති අතර ගුවන් පථය ද ගිනිගෙන තිබෙනවා.

සපෝරා සිට ගුවන්ගතවූ යානය වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටී ඇති බව බලධාරීන් උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.