මෙම වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම ලෙස තරුණයින් සිය දෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එලෙස පිටත්ව යන්නේ දකුණු කොරියානු රැකියා හිමිවූ 832 වන කණ්ඩායම ලෙසයි.
ඔවුන්ට දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිව තිබෙනවා.
ශ්‍රි ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා හිමිවන අතර, 2023 වර්ෂය තුලදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 6,412 දෙනෙකු පිටත් කර හැරීමට හැකි වූ බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
අමාත්‍ය මනුෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීමට එරට බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා.