Monday, May 20, 2024

General line - 0115112241

යුක්‍රේනයට රුසියාවෙන් මිසයිල ප්‍රහාර 300ක් - 40ක් මිය යයි




නව වසර ආරම්භයත් සමග යුක්‍රේනයේ සහ රුසියාව අතර යුධ ගැටුම් දරුණු මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ අනුව ගත වූ දින 5ක කාලය තුළ රුසියාවෙන් මිසයිල ප්‍රහාර 300ක් එල්ල වූ බවයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පැවසුවේ.

කිව් අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 200 ක් පමණ එල්ල කළ බවද යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බවද යුක්‍රේනය පැවසුවා. 

මේ අතර රුසියාවේ නිරිත දිග ප්‍රදේශයෙන් සහ ක්‍රයිමියාවෙන් ඊයේ රාත්‍රිය පුරා පිපුරුම් හඬ ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව යුක්‍රේනයද රුසියානු ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉකුත් සෙනසුරාදා යුක්‍රේන හමුදාව විසින් රුසියාවේ දේශ සීමා ආසන්න ප්‍රදේශයකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හමුවේ රුසියානුවන් 25 දෙනෙකු මිය ගියා.