Monday, May 20, 2024

General line - 0115112241

ජපානයේ සුන්බුන් අතර සිටි අවුරුදු 80 ක කාන්තාවක් නිරුපද්‍රිතව මුදා ගනී




ජපානයට ඉකුත් දා බලපෑ භූ කම්පනය හමුවේ කඩාවැටුණු නිවසක සුන්බුන් අතර සිටි වයෝවෘද්ධ කාන්තාවක් දින 04 කට පසු නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා.

එලෙස මුදාගෙන ඇත්තේ අවුරුදු 80 ක කාන්තාවක්.

භූ කම්පනයේ බලපෑම් එල්ල වූ වජීමා නගරයේ කඩාවැටුණු නිවසක සුන්බුන් අතර සිටිය්දී එම කාන්තාව මුදාගෙන රෝහල්හත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ සුසු සහ වජිමා නගරවල කඩාවැටුණු සුන්බුන් අතර තවදුරටත් පුද්ගලයින් සිරවී සිටින බව ද සඳහන්.

ඔවුන් මුදාගැනීම සඳහා අඛණ්ඩව සහන මෙහෙයුම් ක්‍රියාත්මකයි.

භූ කම්පනයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 82 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.