Monday, May 20, 2024

General line - 0115112241

ජපාන භූමිකම්පාවෙන් අතුරුදන්වූ 250 ක් ගැන ශෝචනීය පුවතක්




ජපානයට බලපෑ භූ කම්පනයෙන් අතුරුදන්වූ පුද්ගලයින් 250 කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් බලාපොරොත්තු සුන්වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, මේ දක්වා ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිවීම හේතුවෙන්. 

ජනවාරි පළමුවැනිදා සිදුවූ දරුණු භු කම්පනයෙන් දිවි බේරාගත් පුද්ගලයින් සොයාගැනීමේ තීරණාත්මක පැය 72 ක කාලය ඊයේ රාත්‍රියෙන් අවසන් වුණා.

කෙසේවෙතත් දිවිගලවා ගත් පුද්ගලයින් සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

ඒ සඳහා එක්ව සිටින පිරිස 4,600 ක්.

රිච්ටර් මාපාංක ඒකක 7 දශම 6 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භු කම්පනයෙන් මියගිය පිරිස මේ දක්වා 92 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

භූ කම්පනයෙන් හානිවූ බොහෝ ප්‍රදේශවල තවමත් සුන්බුන් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.